2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීමේ චෝදනාව එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද(10) නියෝග කොට තිබේ.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී පාඨලී චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට පෞද්ගලික කටයුත්තක් සඳහා විදේශගත වීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම අද දින සිට ලබන අප්‍රේල් මස 20 දක්වා කාල සීමාව තුළ තාවකාලිකව ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලීමක්කොට තිබේ.
එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ කාලසීමාව තුළ චම්පික රණවකට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට නියෝග කළ අතර අප්‍රේල් මස 20 වැනිදා ඒ ඔහුට යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් නියෝග කොට තිබේ