Home අද පුනරුද ආණ්ඩුවට රාජ්‍ය සේවයෙන් රතු එළි දැල්වෙයි

පුනරුද ආණ්ඩුවට රාජ්‍ය සේවයෙන් රතු එළි දැල්වෙයි

753
0

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ජල සම්පාදන මණ්ඩලයේ ආදායම් සහකාර ස්වාධීන වෘත්තීය සමිති සාමාජිකයින් පිරිසක් රත්මලානේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතව තිබේ.

ඒ අතර උසස්වීම්, වැටුප් වර්ධක හා සේවා ස්ථිර කිරීම් සඳහා දින තුනක් ඇතුළත සාධනීය විසඳුම් නොලැබුණහොත් වෘත්තීය ක්‍රීයාමාර්ගයකට අවතීර්ණ වීමට ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය ද තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ අතර ඉදිරි අයවැයේදී රාජ්‍ය සේවක වැටුප් රුපියල් 20,000 කින් ඉහළ දැමීය යුතු බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ ජාතික කමිටු සාමාජික පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි ප්‍රකාශ කර සිටී.

එසේම, ඉදිරිපත් කිරීමට නියමිත අයවැයේදී අවධානය ලබාදිය යුතු ඉල්ලීම් ප්‍රකාශ කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය බල මණ්ඩලය සහ තවත් වෘත්තීය සමිති කිහිපයක් විරෝධතාවල නිරත වූ අතර තම ඉල්ලීම් වෙනුවෙන් සාධනීය පිළිතුරක් ලැබෙන තුරු තවදුරටත් විරෝධතා සංවිධානය කිරීමට සැලසුම් කර තිබෙන බවද වාර්තා වේ.

අධ්‍යාපනයට සියයට 06ක් වෙන්කිරීම, පාසල් උපකරණවලට වැට් ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ(8) ද කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී විරෝධතාවයක නිරත විය. ඒ ඔවුන්ට ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුලු ප්‍රදේශවලට ඇතුලු විම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ද නිකුත් කර තිබූ පසුබිමකයි.

මේ අතර රාජ්‍ය සේවයේ විවිධ ක්ෂේත්‍රවල පවතින ගැටළු හා රාජ්‍ය සේවකයින් මුහුණ දී සිටින වැටුප් ඇතුළු ප්‍රශ්න ගණනාවක් මුල් කරගනිමින් රාජ්‍ය සේවකයින් සිය ඉල්ලීම් වෙනුවෙන් විරෝධතා පැවැත්වීමට කටයුතු සංවිධාන කරමින් සිටින බවද තොරතුරු වාර්තා වේ.

පසුගිය මහ මැතිවරණයේදී සිය ජයග්‍රහණය සඳහා රාජ්‍ය සේවකයින්ගේ බහුතර ඡන්ද ප්‍රමාණයක් උපකාරී වූ බව පැවසූ වත්මන් ආණ්ඩුවට අද රාජ්‍ය සේවකයින්ම පාරා වළල්ලක් බවට පත්ව තිබෙන බව විචාරකයෝ පෙන්වා දෙති.

Previous articleගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට සමුදෙයි
Next articleවිසර්ජන සහ පලාත් පාලන ඡන්ද විමසීමේ විශේෂ විධි විධාන පනත් කෙටුම්පත් අද පාර්ලිමේන්තුවට!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here