Home අද අස්වැන්න කුඹුරු වලදීම මෝල් හිමියන් ලබාගනි!

අස්වැන්න කුඹුරු වලදීම මෝල් හිමියන් ලබාගනි!

17
0

රජය තවමත් “වී” සඳහා සහතික මිලක් නියම නොකර, මහා පරිමාණ මෝල් හිමියන්ට ගොවි ජනතාවගේ “වී” කුණු කොල්ලට ඩැහැ ගැනීමට ඉඩ හැර ඇති බව ගොවි සංවිධාන නායකයෝ පවසති.

මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක මහා පරිමාණ මෝල් හිමියන්, නාඩු සහල් කිලෝවක් (1kg) රුපියල් 140 ක මිලකට ලබා ගනිමින් සිටින බව ගොවි සංවිධාන පෙන්වා දෙයි.

පොළොන්නරු දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක මේ වන විට “වී” අස්වැන්න නෙලීම ආරම්භ කර තිබෙන අතර ගොවීන් සිය අස්වැන්න කුඹුරු වලදීම මෝල් හිමියන්ට අලෙවි කරමින් සිටින බවත් “වී” මිලදී ගැනීම සඳහා මහා පරිමාණ මෝල් හිමිකරුවන් අතර දැඩි තරඟකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවත් ගොවි සංවිධාන නායකයෝ පවසති.

රජය ගොවි ජනතාව වෙනුවෙන් පෙනී නොසිට මෙලෙස මහා පරිමාණ මෝල් හිමියන්ට “වී” එක්රැස්කර ගැනීමට ඉඩ හැර තවදුරටත් බලා නොසිට වහාම “වී” සඳහා සහතික මිල ප්‍රකාශයට පත්කරන ලෙස ගොවි සංවිධාන වැඩි දුරටත් ඉල්ලා සිටී.

Previous articleහොලිවුඩයත් ගිනි ගනී – ඇමෙරිකානු තරු සහ ධනවතුන් ඉවතට
Next articleඥානසාර හිමිගේ ඇප ඉල්ලීමත් ප්‍රතික්ෂේප කෙරේ!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here