Home අද ඊශ්‍රායල් යන්න විනාඩි 10ට 2.5km ක් දුවන්න ගොස් රෝහලට

ඊශ්‍රායල් යන්න විනාඩි 10ට 2.5km ක් දුවන්න ගොස් රෝහලට

15
0

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පවත්වනු ලැබූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක දී ඊට සහභාගී වූ කිහිප දෙනෙකු ක්ලාන්ත වී වැටී සුවසැරිය ගිලන් රථ සේවාව මගින් ඔවුන්ව රෝහල් ගත කළ පුවතක් වාර්තා වේ.

පසුගිය 06 වැනි දා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ‍යේ කළමනාකරු – බඳවාගැනීම් (ඊශ්‍රායල් අංශය) විසින් කෙටි පණිවිඩයක් මගින් අදාළ පිරිස වෙත දන්වා තිබුණේ,

“ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ පුහුණුව සම්පුර්ණ කරන ලද ඔබ වෙත කරනු ලබන දැනුම් දීමයි. ඊශ්‍රායලයේ PIBA ආයතනය විසින් ගන්නා ලද තීරණයක් අනුව ඔබගේ ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීමට පරීක්ෂණයක් (2.5km ක දුරක් විනාඩි 10ක කාලයක් තුල දිවීම, 50kg බරැති වැලි කොට්ටයක් 100m දුර අඛණ්ඩව රැගෙන යාම) පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර ඒ සදහා ඔබ 2025.01.10 වන දින උදෑසන 6.30 වන විට හෝමාගම,දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට පැමිනෙන ලෙස කාරුණිකව දන්වමි. එදිනට පැමිණීමේදී කළු පැහැති බොටම් කලිසමක් සහ සුදු පැහැති ටී ෂර්ටයකින් සැරසී පැමිණෙන ලෙසත් ඉහතින් සදහන් කරන ලද ප්‍රායෝගික පරීක්ෂණ සදහා ඔබ ශාරීරිකව සහ මානසිකව යෝග්‍ය ද යන්න පිළිබදව රජයේ ලියාපදිංචි හෝ පිලිගත් වෛද්‍යවරයකුගෙන් යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වෙන දිනට දිනකට පෙර ලබා ගත් වෛද්‍ය වාර්තාවක් සහ සුදු පැහැති පසුබිමේ පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ජායාරූපයක් රැගෙන එන ලෙසත් තවදුරටත් දන්වා සිටිමු” යනුවෙනි.

එම පණිවිඩයට අදාළව රැකියා අපේක්ෂකයන්ගේ ශාරීරික යෝග්‍යතාව මැනීම සඳහා 2.5km ක දුරක් විනාඩි 10ක කාලයක් තුළ දිවීම සහ 50kg බරැති වැලි කොට්ටයක් මීටර් 100ක් දුර අඛණ්ඩව රැගෙන යාම වැනි යෝග්‍යතා පරීක්ෂණ පවත්වන බවත්, ඒ සඳහා රජයේ ලියාපදිංචි හෝ පිලිගත් වෛද්‍යවරයකුගෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගෙන පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

නමුත් එම පරීක්ෂණය සඳහා පැමිණි පිරිස කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු පිරිස වෙත ගොස් එම දුර දිවීම සඳහා ලබා දී ඇති කාලය දිර්ඝ කරදෙන ලෙස ඉල්ලා ඇති අතර ඔවුන් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැතිව ශාරිරික යෝග්‍යතා පරීක්ෂණය ඒ ආකාරයෙන්ම පැවැත්වීමට කටයුතු කර තිබේ.

එවන් තත්ත්වයක් තුළ මේ ආකාරයෙන් ඊට මුහුණ දුන් අපේක්ෂකයන් කිහිප දෙනෙකු ක්ලාන්ත වී රෝහල් ගත කිරීමට සිදුවීමේ සිද්ධිය වාර්තා වේ. මෙම යෝග්‍යතා පරීක්ෂණය සඳහා අපේක්ෂකයන් 500කට ආසන්න පිරිසක් සහභාගී වී තිබෙන අතර යුධ හමුදා නිලධාරින්ගේ මැදිහත් වීමෙන් එම පරීක්ෂණය පැවැත් වූ බවද වාර්තා වෙයි.

Previous articleවිදුලි බිල 30% කින් අඩු කිරීම වසර තුනකින් – බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි!
Next articleරාජ්‍ය සේවක වැටුප රු. 25,000කින් වැඩි වෙන බව අපි කිව්වේ නෑ – නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here