ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගින්න වඩාත් උග්‍ර වී තිබෙන බව වාර්තා වේ. අධික සුළං තත්ත්වය හේතුවෙන් කැල්ෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව්ගින්න තවදුරටත් පාලනය කළ නොහැකි තත්ත්වයක් මතුව තිබෙන බවද විදෙස් වාර්තා සඳහන් කරයි.
ලැව්ගින්න මේ වන විට ප්‍රාන්ත 04කට පැතිර ගොස් ඇති අතර ජීවිත හානි 05 ක් ද වාර්තා වන බවත් නිවාස දහසක් මුලුමනින්ම ගින්නෙන් විනාශ වී ඇති බවත් විදෙස් වාර්තා සදහන් කරයි.
ලැව්ගිනි හේතුවෙන් ලොස් ඇන්ජලිස්හි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එක් ලක්ෂ 37,000කට අධික ජනතාව අදාළ ප්‍රදේශවලින් ඉවත් කර තිබෙනවා.
මෙම තත්ත්වයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ පැලිසේඩ් ප්‍රදේශයට වන අතර ලැව් ගිනි හේතුවෙන් අක්කර 25,000 ක් පමණ දැනටමත් විනාශ වී අවසන් බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ලොස් ඇන්ජලිස් ඉතිහාසයේ දරුණුතම ලැව්ගිනි තත්ත්වය මෙය බවයි වාර්තා වන අතර ගිනි නිවාදැමීමට දහස් ගණනක භට පිරිසක් යොදවා තිබෙන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.