ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය ලකුණු 113 කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
ඒ අනුව තරගාවලිය 2-0(3) ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායමට හැකියාව ලැබුණි.
වර්ෂාව නිසා පැය දෙකක පමණ ප්රමාදයකින් ආරම්භ කෙරුණු මෙම තරගය පන්දුවාර 37 කට සීමා වු අතර කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Rachin Ravindra ලකුණු 79ක් සහ Mark Chapman ලකුණු 62 ක් ලබා ගැනීමට සමත් විය. Daryl Mitchell ලකුණු 38 යි.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ එක්දින කඩුලු ත්රිත්වයක් ලබා ගනිමින් ලකුණු 44 කඩුලු 4 ක් දවාගත්හ. පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 39 කට කඩුලු 2ක් දවාගත් අතර අසිත ප්රනාන්දු සහ එශාන් මාලිංග අතරේ කඩුලු 1 බැගින් බෙදී ගියා.
ජයග්රහණය වෙනුවෙන් පන්දුවර 37 කදී ලකුණු 256 ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 142ක් පමණි. ශ්රී ලංකාව වෙනුවෙන් කමිදු මෙන්ඩිස් ලකුණු 64ක් ලබා ගත් අතර ජනිත් ලියනගේ ලකුණු 22 ක් ලබා ගත්හ.
පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Will O’Rourke කඩුලු 3ක් සහ Jacob Duffy කඩුලු 2ක් ලබාගත්හ. Matt Henry , Nathan Smith , Mitchell Santner අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.