Home අද වී ඇටයක්වත් නෑ කිව්ව ආණ්ඩුව කිලෝ ලක්ෂ ගානක් විකුණන්න මිල ගණන් කැඳවලා

වී ඇටයක්වත් නෑ කිව්ව ආණ්ඩුව කිලෝ ලක්ෂ ගානක් විකුණන්න මිල ගණන් කැඳවලා

128
0

වී අලෙවි මණ්ඩලය විසින් 2024 යල කන්නය්යේදී මිල දී ගත් කිරී සම්බා වී තොග බැහැර කිරීම සඳහා එම මණ්ඩලය විසින් මිල ගණන් කැඳවා තිබෙනවා.

ජාතික පුවත්පතක දැන්වීමක් පළකරමින් වී අලෙවි මණ්ඩලය විසින් මෙම මිල ගණන් කැඳවා තිබේ.

No description available.

 

පසුගිය රජය විසින් යල කන්නයේ වී ඇටයක්වත් මිලදී ගෙන නොමැති හෙයින් වර්තමානයේ ඇතිව තිබෙන සහල් අර්බුදය මතුව තිබෙන බවට වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් දිගින් දිගටම සඳහන් කරන පසුබිමක මෙම වී තොගය බැහැර කිරීම සඳහා මෙලෙස මිල ගණන් කැඳවා තිබේ.

ඒ හේතුවෙන් එක්වරම ලක්ෂ ගණනක වී තොගයක් බැහැර කිරීම සඳහා මිල ගණන් කැඳවීම සඳහා වී තොග ගබඩා වලට පැමිණියේ කෙසේද? යන්න පාරිභෝගිකයින් ප්‍රශ්න කර සිටිනවා.

එමෙන්ම මෙම මිල ගණන් කැඳවා ඇත්තේ රටේ සහල් අර්බුදයට විසඳුමක් ලෙස සහල් ආනයනය සඳහා අවසර ලබාදී ඇති පසුබිමක සහ රට පුරා ගොවීන් සිය මහ කන්නයේ වී අස්වැන්න නෙලීම සඳහා ආසන්නව ඇති වටපිටාවක ආණ්ඩුව හිටි හැටියේම මෙයාකාරයෙන් වෙළඳපොළට වී නිකුත් කිරීම තුළින් ගොවි ජනතාවට බලවත් අසාධාරණයක් සිදුවන බව ගොවි සංවිධාන පෙන්වා දෙයි.

Previous articleහිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි
Next articleClean Sri Lanka ගැන දින දෙකක පාර්ලිමේන්තු විවාදයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here