Home අද අද විසඳුමක් නැති වුනොත් පෞද්ගලික බස් වර්ජනයකට සැරසෙයි

අද විසඳුමක් නැති වුනොත් පෞද්ගලික බස් වර්ජනයකට සැරසෙයි

106
0

වැඩ වර්ජනයකට සූදානම්ව සිටින පුද්ගලික බත් රථ රංගම් සහ පොලිස්පතිවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද ( 08) දහවල් පැවැත්වීමට නියමිතව ඇත.

මෙම සාකච්ඡාවේ දී අපේක්ෂිත කරුණුවලට සාධාරණයක් ඉටු කර ගැනීමට නොහැකි වුවහොත් අද දිනයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව පුද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පුද්ගලික බස් රථ සම්බන්ධයෙන් පොලිසිය දිගින් දිගටම අනුගමනය කරන
පීඩාකාරී ක්‍රියාවන් නිසා බස් රථ රියදුරන් මෙන්ම කොන්දොස්තර මහත්වරු ද දැඩි දුෂ්කරතාවන්ට මුහුණපා සිටින බව ගැමුණු විජේරත්න මහතා පැවසීය.

බස් රථවල සවිකර ඇති අමතර කොටස් ඉවත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණද එය නීති විරෝධී ක්‍රියාවක් බව පෙන්වා දෙන සභාපතිවරයා ඒ බොහෝමයක් සවිකර ඇත්තේ මෝටර් රථ ආඥා පනතට අනුව බවත් මේ හිරිහැර කාරී ක්‍රියා පිළිවෙත වහා නැවැත්විය යුතු බවත් අවධාරණය කළේය.

පෞද්ගලික බස් කර්මාන්තය සම්පූර්ණයෙන්ම නවතා දැමීමේ ආණ්ඩුවේ යටි අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් දියත් කර ඇති මෙම ව්‍යාපෘති මඟින් සිදුවන්නේ බස් හිමියන්ට මෙන්ම රටේ මහජනතාවට දැඩි දුෂ්කරතාවන්ට පත්වීමට බව ඒ මහතා පෙන්වා දෙයි.

පොලිස්පතිවරයා සමග අද පැවැත්වෙන සාකච්ඡාවේදී මතුව ඇති ගැටලු විසඳා ගැනීමට උපරිම උත්සාහයක් දරන බවත්
එම උත්සාහය අසාර්ථක වුවහොත් අකමැත්තෙන් වුවද වැඩ වර්ජනයකට යෑමට බස් කර්මාන්තයේ නියුතු සියලු පාර්ශ්ව එක්ව සිටින බවත් ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් ඉකුත් දා Talks Hub සමඟ කළ සාකච්ඡාවේදී ද ගැමුණු විජේරත්න මහතා අදහස් දක්වා සිටියා.
එම සාකච්ඡාව පහතින්

Previous articleඅධික ශීත කාලගුණයෙන් 05 ක් මරුට – මිලියන 3 කට විදුලිය අහිමි වෙයි!
Next articleපොලිස් ලොක්කන් එකොළොස් දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here