Home අද අධික ශීත කාලගුණයෙන් 05 ක් මරුට – මිලියන 3 කට විදුලිය අහිමි...

අධික ශීත කාලගුණයෙන් 05 ක් මරුට – මිලියන 3 කට විදුලිය අහිමි වෙයි!

37
0

ඇමෙරිකාවට බලපා ඇති අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ (06) දිනයේ සිට ඇමෙරිකාවට බලපා ඇති හිම කුණාටු හේතුවෙන් ප්‍රාන්ත 7කට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර එම ප්‍රාන්ත වන්නේ මේරිලැන්ඩ් , වර්ජිනියා, වෙස්ට් වර්ජිනියා, කැන්සස්, මිසුරි, කෙන්ටකී හා ආකන්සස් ය.

අධික හිම පතනය හේතුවෙන් ගුවන් ගමන් වාර 2,000 කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර තවත් ගුවන් ගමන් වාර 6,500ක් පමණ ප්‍රමාද කිරීමට බලධාරීන්ට සිදුව තිබෙන බවද වාර්තා වේ.

නැගෙනහිර ඇමෙරිකාවේ මිලියන 3කට ආසන්න පිරිසකට විදුලි බලය අහිමිවී ඇති බව ද සඳහන් වේ.

උත්තර ධ්‍රැවය වටා ගමන් කරන අයිස් සහ ශීත වාතය ධ්‍රැවීය සුළි කුණාටු හේතුවෙන් ඇති වන ආන්තික කාලගුණ තත්ත්වයක් ලෙස කාලගුණ අංශ මෙය හඳුන්වන අතර ඉදිරි සති කිහිපය පුරා මෙම අයහපත් කාලගුණයෙන් ජනතාවට පීඩා විදිමට සිදුවිය හැකි බවට ද කාලගුණ අංශ අනාවැකි පළ කරති.

Previous articleජපානයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ මූල්‍ය සහ තාක්‍ෂණික සහාය
Next articleඅද විසඳුමක් නැති වුනොත් පෞද්ගලික බස් වර්ජනයකට සැරසෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here