මෙරට රාජ්‍ය මාධ්‍ය ආයතන චීන සමූහ ආණ්ඩුවේ ආයතන සමග ගිවිසුම් ගත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පැවසීය.
අද (07) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කළ නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ මහජන චීන සමූහ ආණ්ඩුවේ ආයතන අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට කැපිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව අනාවරණයකළේය.
ඒ අනුව –
: සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ මහජන චීන සමූහ ආණ්ඩුවේ ජාතික ගුවන් විදුලි සහ රූපවාහිනිය අතර පරිපාලන අවබෝධතා ගිවිසුම.
: සීමා සහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සහ චීනයේ ශින් හුවා ප්රවෘත්ති පත්‍ර නියෝජිත ආයතනය අතර අවබෝධතාා ගිවිසුම.
: රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සහ චීනයේ ෂින් හුවා ප්රවෘත්ති පත්‍ර නියෝජිත ආයතනය අතර සහයෝගීතා ගිවිසුම.
: ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ චීන මාධ්‍ය සමූහය අතර අවබෝධතා ගිවිසුම.
: ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ චීන මාධ්‍ය සමූහය අතර අවබෝධතා ගිවිසුම
යන ගිවිසුම් අත්සන් තැබීම සඳහා වන කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.