මෙම වසරේ සිට ක්‍රියාත්මකවන පරිදි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ භාවිතයට නොගත් නිවාඩු සඳහා දිරි දීමනාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
අද (07) පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායකවරයා මේ බව පවසා සිටියේය.
වර්තමානයේ පාර්ලිමේන්තු කටයුතු ඵලදායීව හා කාර්යක්ෂමව සිදු කරන කාර්ය මණ්ඩලයකින් සමන්විත බව සඳහන් කළ විපක්ෂ නායකවරයා, වසර 21ක් පුරා ක්‍රියාත්මකවන දීමනා ක්‍රමය දිගටම පවත්වාගෙන යාම සඳහා කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.
භාවිතයට නොගත් නිවාඩු සඳහා දිරි දීමනාව පිළිබඳ තීරණය ක්‍රියාත්මක කිරීමේ බලය කථානායකවරයාට පැවරී ඇති බවත්, එය මෙම වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි අනුමත කරන ලෙස ඉල්ලා සිටින බවත්, විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.