Home අද අස්වැසුම ප්‍රතිලාභීන් නොවන පවුල්වල ළමුන්ටත් 6,000 දීමනාව

අස්වැසුම ප්‍රතිලාභීන් නොවන පවුල්වල ළමුන්ටත් 6,000 දීමනාව

36
0

අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල දරුවන්ටත් රු. 6,000ක දීමනාව වවුචරයක් වශයෙන් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

දෙමාපියන් අහිමි ළමුන්, මව හෝ පියා ආබාධිත පවුල්වල ළමුන්, ළමා නිවාසගත පාසල් වයසේ සිටින සියලුම ළමුන් සහ විශේෂ හේතු මත අසරණ භාවයට පත්ව ඇති කාණ්ඩවලට අයත් ළමුන් සඳහා එම දීමනාව ලබා දීමට නියමිතයි.

මේ අතර අස්වැසුම ප්‍රතිලාභි නොවන ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිට පාසල් වෙත පැමිණෙන ළමුන්ට සහ පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවිදි සිසුන්ට දීමනාව ලබාදීමට නියමිතය.

ඒ අනූව සිසුන් 300ට අඩු පාසල් 6,576කට අයත් වන අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම දරුවන්ට මෙම දීමනාව ලබා දීමට නියමිතය

Previous articleබස් වර්ජනයක් අත ළඟයි – වගකීම ආණ්ඩුවටයි පොලිසියටයි – බස් ගැමුණු කියයි
Next articleශ්‍රී ලංකාවෙන් චීනයට කුකුල් මස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here