ජාතික ජන බලවේගය සිය මැතිවරණ ප්රතිපත්ති ප්රකාශයෙන් පොරොන්දු වූ පරිදි ඉන්ධන, ගෑස් සහ විදුලිය සඳහා මිල සූත්ර තුනක් වහා රටට හඳුන්වා දිය යුතු බව සමගි ජන බලවේගය පවසයි.
නව රජයද හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ගෙන ගිය වැඩපිළිවෙළ ඊටත් වඩා හොඳින් ගෙන යමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී පෙරේරා මහතා පැවසීය.
විදුලිය, ඛනිජ තෙල් සහ ගෑස් සඳහා ජාතික ජන බලවේගය රජයක් යටතේ මිල සූත්ර හඳුන්වා දෙන බවට ඔවුන්ගේ මැතිවරණ ප්රතිපත්ති ප්රකාශයට ඇතුළත් කරමින් සෑම මැතිවරණ ප්රචාරක රැලියකදීම ඒ බව ප්රකාශ කළත් මේ වන තෙක් එය ඉටුකර නැති බවට අජිත් පී පෙරේරා චෝදනා කළේය.
ආණ්ඩුවට දින සියයක් ගතව ඇතත් ජනතාවට ලබා දුන් පොරොන්දු කිසිවක් මෙතෙක් ඉටු කර නැති බව පවසන මන්ත්රීවරයා පොරොන්දු ඉටුකිරීම පසෙකලා ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව තවමත් ගෑස් මිලෙන් ඉන්ධන මිලෙන් හා විදුලිය මිලෙන් ජනතාව සූරාකමින් සිටින බව පෙන්වා දුන්නේය.