උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී ඇතැයි තහවුරු වී තිබෙන බව වාර්තා වේ.
මේ හේතුවෙන් උතුරු මැද පළාතේ පාසල්වල අද (06) දින පැවැත්වීමට තිබූ අවසන් වාර විභාගය කල්දැමීමට කටයුතු කළ බව උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පවසයි.
ඒ අනුව අද උදෑසන වනවිට කලාප 8ක කොට්ඨාස 30කට අයත් පාසල් 600කට අධික ප්‍රමාණයක අදාළ ප්‍රශ්න පත්‍රය බෙදාහැරීම නවත්වා තිබෙන අතර ඒ හේතුවෙන් විභාගය තාවකාලිකව අත්හිටුවා වෙනත් ප්‍රශ්නපත්‍රයක් ලබාදීමට කටයුතු කරන බව සිරිමෙවන් ධර්මසේන මහතා පැවසීය.
අනුරාධපුර මුලස්ථාන පොලීසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇතැයි ද පැවසු ඒ මහතා, අක්‍රමිකතාව සිදුවුයේ කෙසේ ද යන්න සොයා බැලීමට කටයුතු කරමින් සිටින බව ද සඳහන් කර සිටියේය.