බලන්ගොඩ නගරයේ වෙළෙඳ සැල්වෙත බෙදා හැරීමට රැගෙන ගිය සහල් තොග අතර සුනඛයෙන් දෙදෙනෙකු සිටීම නිසා එම ලොරි රථය සහ එහි රියදුරු සහායකවරයා බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බලන්ගොඩ ප්‍රධාන බස් නැවතුම්පොළ අසල පිහිටි වෙළඳ සැලකට සහල් මිටි බාමින් සිටියදී එම සහල් මිටි අතර සුනඛයන් සිටින බව දුටු පුද්ගලයෙකු ඒ බව ඔහුගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර එය මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා වෙතට යොමු කර ඇත.
ඊට සුළු වේලාවකට පසු සෞඛ්‍ය පරීක්ෂකවරයා එම ස්ථානයට පැමිණෙන විටක් සුනඛයින් සහල් මිටි අතර සැඟව සිටින අයුරු ඔවුන්ට නිරීක්ෂණය වී තිබේ.
තිස්සමහාරාම ප්‍රදේශයේ සහල් මෝලකට අයත් මෙම ලොරි රථයේ සහල් සමග සුනඛයින් ගෙන ආවේ
කුමන හේතුවක් නිසා දැයි නිශ්චිත පිළිතුරක් ලබාදීමට ලොරි රථයේ රියදුරුහෝ එම රථයේ සහායක අපොහොසත් වී ඇති බව සෞඛ්‍ය නිලධාරීහු පවසති.