රිය ධාවනයට බාධා ගෙන දෙන ආකාරයට වාහනවල සවිකර ඇති නීති විරෝධී එකතු කිරීම් සියල්ල ඉවත් කර ගැනීමට සති දෙකක සහන කාලයක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය රථ වාහනවලින් සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා දියත් කර ඇති වැඩපිළිවෙලේ එක් අංගයක් ලෙස මෙය හඳුන්වා දෙයි.
ඒ අනුව රථ වාහනවල රියැදුරු අසුන ආසන්නයේ හා ඒ අවට එල්ලා ඇති මල්වැල්. අනවශ්‍ය සැරසිලි. රථ වාහනවල විවිධ නාද රටා. වර්ණ සහිත නිවන දැල්වෙන පහන්. ඝෝෂාකාරී නලාව. අන්ත්‍රායක ලෙස අමතර කොටස් සවිකිරීම. අධික ශබ්ද සහිත සයිලන්සර් සවිකිරීම. එවැනි වාහනවලින් එම අමතර කොටස් ඉවත්කර ආරක්ෂිත තත්ත්වයට පත්කිරීම මෙහි අරමුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
මේ සම්බන්ධව රියදුරන් හා මහජනතාව දැනුවත් කිරීමේ නියමු ව්‍යාපෘතියක් ඊයේ (04 ) සිට (19) දක්වා ක්‍රියාත්මක කරන අතර සහන කාලය තුළ වාහනවල සවිකර ඇති නීති විරෝධී අමතර කොටස් ඉවත්කර නොගන්නා සියලූම වාහනවලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.