ශ්‍රියානී විජේසිංහ මහත්මියගේ, සැමියා ගේ ශරීරයේ බරපතල තැලුම් තුවාල හා හිසෙහි අධික ලෙස ලේ වහනය වී ඇති බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ ප්‍රධාන වෛද්‍ය ඒ දයාපාල මහතා ප්‍රකාශයට පත් කළේය.
අභිරහස් ලෙස මියගොස් සිටි ජී.හේමපාල මහතා සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර, ඒ සම්බන්ධව තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාව වන විටත්, නීතිඥවරියගේ සැමියා ඊට පැය කීපයකට පෙර විදෙස් ගතව ඇති බව රහස් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ දෙහිවල වෛද්‍ය පාරේ පදිංචි මාධ්යවේදනීයක වන ශ්‍රියානී විජේසිංහ මහත්මියගේ සැමියා වන දෙදරු පියකි. ඔහු වෘත්තියෙන් ත්‍රී රෝද රථ රියදුරකු වන අතර ඔහුගේ දියණියක් වෛද්‍ය පීඨයේත් අනෙක් දියණිය ඉංජිනේරු පීඨයේත්ය.
හේමපාල මහතා පසුගිය 01 වැනිදා පෙරවරුවේ සුපුරුදු පරිදි රැකියාවට නිවසින් පිටත්ව ගොස් ඇත.
නමුත් වෙනදා මෙන් රැකියාව අවසන්ව ඔහු නිවසට නොපැමිණීම නිසා මාධ්‍යවේදිනිය සැමියාට එදින රාත්‍රියේ දුරකථන ඇමතුමක් ලබා දී තිබුණත් ඔහු ඊට ප්‍රතිචාර දක්වා නොතිබිණි. නමුත් දිගින් දිගටම ඇය දුරකථන ඇමතුම් ලබා ගැනීමේදී එක් වරක් පොලිසිය විසින් ඊට ප්‍රතිචාර දක්වා ඇත.
මේ අතර දෙහිවල හීල් වීදියේ පිහිටි නිවසක පදිංචි නීතීඥවරියක් 01 වැනිදා රාත්‍රියේ දෙහිවල පොලිසියට දුරකථන ඇමතුමක් ලබාදී තම නිවස ඉදිරිපිට කිසියම් පුද්ගලයෙක් වැටී සිටින බව පවසා තිබේ.
එම දුරකථන ඇමතිතුමට අනුව ඒ මොහොතේ රාත්‍රී මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බිම වැටී සිටි මෙම පුද්ගලයා බීමත්ව සිටි බව පවසමින් පොලිස් නිලධාරීන් එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.
දිගු වේලාවකට පසු නැවතත් නීතිඥවරිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු 1919 ගිලන් රථ සේවයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ එම පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිය සැමියා රෝහලට ඇතුළත් කිරීම, ඒ සම්බන්ධයෙන් පොලිසිය ගෙන ඇති පියවර, තම සැමියා නීතිඥවරියගේ නිවසේ මිදුලට පැමිණීම හා එහි වැටී සිටීම, වැනි සිද්ධීන් ගණනාවක් සම්බන්ධව බරපතළ සැක සංකා පහළවන බව මාධ්‍යවේදිනී ශ්‍රියානි විජේසිංහ මහත්මිය පැවසුවාය.
විජේසිංහ මහත්මිය විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මේ වන විට සිද්ධිය සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් පොලිසිය ආරම්භ කර ඇත.