ඉන්දියාවේ අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති සම්බන්ධව තවදුරටත් අධ්‍යනය කිරීම සඳහා තවත් කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබෙන අතර ඊට අදාළ යෝජනාව හෙට ( 06 ) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අදානි සමාගම මෙරට ආරම්භ කිරීමට සැලසුම් කළ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා මීට පෙරද අමාත්‍යාංශය මගින් කමිටුවක් පත් කරනු ලැබීය.
එම කමිටුව ට අමතරව පත් කිරීමට යෝජිත නව කමිටුව මගින් සුළං විදුලි බලාගාර සඳහා ඇස්තමේන්තු වියදම් ඇතුළු සියලු කරුණු යළි සලකා බැලීමට නියමිත බව විදුලිබල අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මන්නාරම පුනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත සුළං විදුලි බලාගාර මගින් ජනනය කිරීමට අපේක්ෂිත විදුලිය ප්‍රමාණය මෙගාවෝට් 484 ක් වන අතර එම එක් ඒකකයක් සඳහා පසුගිය රජය ඩොලර් ශත 8.26 ආසන්න මුදලක් ගෙවීමට එකඟ වී ඇත.
ඒ අනුව පසුගිය රජය සමයේ අදානි සමාගම සමග ඇති කරගත් එකඟතා හා ඊට අදාළ කරුණු කාරණා පිළිබඳව යළි සලකා බැලීමක් මෙහිදී සිදු කිරීමට නියමිතය.