පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු වලට දේශපාලන හා විවිධ සබඳතා මත බාහිරින් නිලධාරීන් බඳවා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට එහි සේවකයෝ චෝදනා කරති.
මෙලෙස බාහිරින් නිලධාරීන් බඳවා ගැනීමෙන් පාර්ලිමේන්තුවේ කාලයක සිට සේවයේ නිරත නිලධාරීන්ට බලවත් අසාධාරණයක් සිදුවන බව එම නිලධාරීන් පෙන්වා දෙයි.
මෙතෙක් පාර්ලිමේන්තුවේ නිලධාරි තනතුරු පිරවීම සිදු කෙරුණේ දැනට සේවයේ කරන නිලධාරීන් උසස් කිරීමේ ක්රමවේදය අනුව බව පාර්ලිමේන්තු නිලධාරීන් පෙන්වා දෙති.
රජයේ පරිපාලන සේවය මගින් මෙම බඳවා ගැනීම් සිදුකරන බව පෙන්වීමට උත්සාහ කල ද දැනට හෙළි වී ඇති තොරතුරු වලට අනුව එය සිදුවන්නේ දේශපාලන හා විවිධ සබඳතා ඇති නිලධාරීන්ට අවස්ථාවක් උදාකර දීම වෙනුවෙන් බව එම නිලධාරීහු පෙන්වා දෙති.
මේ අනුව දේශපාලන හිතවත්කම් සහ විවිධ සබඳතා මත පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු වලට පුද්ගලයන් පත් කිරීමට ගෙනයන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රජයේ බලධාරීන් සහ ශ්රී ලංකා පරිපාලන සේවා සංගමය සමඟ
ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තුවේ දැනට සේවයේ නියුතු සේවක පිරිසක් අප සමග පැවසූහ.