සබරගමුව සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා පත්කර ගන්නා තෙක් මාස තුනක කාලයක් සඳහා ස්වාධීන පුද්ගලයකු පත් කිරීමට යෝජනා වී තිබියදී ඊට වත්මන් ආණ්ඩුවේ දේශපාලන පක්ෂයකට සම්බන්ධ පුද්ගලයකු පත්කර ඇති බවට සමන් දේවාලය සුරැකීමේ සංවිධානය චෝදනා කරයි.
පසුගිය දෙසැම්බර් 23 වැනිදා පැවැති රත්නපුර දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සභාපතිවරයා ද ගමේ පුද්ගලයෙකු ඒ සඳහා පත්කිරීම තමන්ගේ බලාපොරොත්තුව බවත් ප්රදේශයේ ජනතාව යෝජනා කරන අවංක, ස්වාධීන පුද්ගලයෙක් තාවකාලික භාරකාර තනතුරට පත් කරන බව පැවැසූ බවත් එම සංවිධානය සිහිපත් කරයි.
එහෙත් එම සංවිධානය පවසන්නේ ප්රදේශ වාසීන් සුදුසු පුද්ගලයෙක් යෝජනා කිරීමට යන විට, රජයට සම්බන්ධ රත්නපුර දේශපාලන අධිකාරීය තම හිතුමතයට පක්ෂයේ ඊට කෙනෙකු පත්කර ඇති බවයි.
මෙම අත්තනෝමතික දේශපාලන පත් කිරීමට සමන් දේවලය ආශ්රිත ජනතාව සහ දේවාලයේ රාජකාරී මණ්ඩලය දැඩි අප්රසාදයක් පළ කරන බවද සමන් දේවාලය සුරැකීමේ සංවිධානය පවසයි.