ජාතික ජනබලවේගය පක්ෂය ඉහළම ජයග්‍රහණයකින් ආණ්ඩු බලය ලබාගත් නමුත් රාජ්‍ය බලය ලබාගැනීමට අපොහොසත්ව ඇති බැවින් එම කටයුතු සඳහා ජනතා විමුක්ති පෙරමුණේ කාඩර්වරුන් සහ පක්ෂ යාන්ත්‍රණය යොදාගත යුතුව ඇති බවට මතයක් නිර්මාණය කරමින් තිබෙන බව නිරීක්ෂණය වෙයි.
ජාතික ජනබලවේගය ආණ්ඩුවේ පාලන කටයුතු අසාර්ථකවීම හමුවේ එය සමාජ මාධ්‍ය තුළ උපහාසයට සහ විවේචනයට ලක්වන විට ජවිපෙ බිම්මට්ටමේ පාක්ෂිකයන් අසංවිධානාත්මක ලෙස මෙවැනි යෝජනා ඉදිරිපත් කරනු දකින්නට ලැබුණත්, ඊට වැඩි අවධානයක් හිමිවූයේ නැත.
නමුත් ඊයේ (30) බිංගිරියේ ඇඟළුම් බෙන්ජි ඇඟලුම් කර්මාන්ත ශාලා පරිශ්‍රයේ සිදුවූ සිදුවීමෙන් අනතුරුව නැවතත් මෙකී යෝජනාව කඩිනමින් ක්‍රියාවට නැංවීම වෙනුවෙන් බලපෑම් වැඩිවෙමින් ඇති බවක් පෙන්නුම් කෙරේ.
මෙකී යෝජනාව අනුව පෙනී යන්නේ විධායක ජනාධිපති ධූරය ඇතුළු ව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අධික බලයක් ඇතත් වත්මන් ආණ්ඩුව රාජ්‍ය පාලනයේ අසාර්ථක බව පාක්ෂිකයන් ද විශ්වාස කරන්නට ගෙන ඇති බවයි. ඒ අනුව ඔවුන් රාජ්‍ය යාන්ත්‍රණයෙන් පිටස්තර පාලනයක් වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කෙරෙමින් ඇති අතර, එනම් පක්ෂය විසින් මෙහෙයවන රාජ්‍යක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමකි.
මේ අතර පසුගිය දිනවල ප්‍රබල අමාත්‍යවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ ලාල් කාන්තද ආණ්ඩුවේ කටයුතු සාර්ථක කර ගැනීමට රාජ්‍ය සේවය ලබාදෙන සහාය පිළිබඳව තෘප්තිමත් විය නොහැකි බවට අදහස් දැක්වූහ. එහිදී සෘජුව චෝදනා කර සිටියේ රාජ්‍ය නිලධාරීන් ජනවරම තේරුම් ගෙන නොමැති බවයි. එහිදී සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශයෙන් කර්මාන්ත රැකගන්න සටන් කිරීමට සිදුව ඇති බව පැවසූ අතර ලාල් කාන්ත අමාත්‍යවරයා පවසා සිටියේ ඊළඟ සුනාමිය රාජ්‍ය සේවය වෙත වියහැකි බවයි.