Home අද ඉදිරි මැතිවරණ වලදී අපේක්ෂකයින්ට අධ්‍යාපන සුදුසුකම් පෙන්වීම අනිවාර්යය වෙයි ද?

ඉදිරි මැතිවරණ වලදී අපේක්ෂකයින්ට අධ්‍යාපන සුදුසුකම් පෙන්වීම අනිවාර්යය වෙයි ද?

20
0

මින් ඉදිරියට මැතිවරණවලට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයන් තම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව දත්ත පත්‍රිකාවක් මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිම අනිවාර්ය කෙරෙන යෝජනාවක් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කිහිපයක් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී ඇත.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත් වූ ජාතික ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව රටේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වූ අතර එවැනි සිදුවීම් වළක්වා ගැනීම මෙහි අරමුණ වී ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි.

මෙම වැඩපිළිවෙළ මැතිවරණ කොමිෂන් සභාව හරහා හෝ ඒ ඒ දේශපාලන පක්ෂ විසින් ක්‍රියාවට නැංවිය යුතු බව එම සංවිධාන වැඩිදුරටත් සඳහන් කරයි.

Previous articleචීනයේ Tansuo 3 මංගල ගමනේ !
Next articleකෝලි සහ සෑම් ගැටෙයි – ICC යෙන් කෝලිට දඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here