Home අද මම පාවිච්චි කරන වාහනේ පෙට්‍රල් ලීටරේට කිලෝ මීටර් 9ක් දුවනවා – ඇමති...

මම පාවිච්චි කරන වාහනේ පෙට්‍රල් ලීටරේට කිලෝ මීටර් 9ක් දුවනවා – ඇමති වසන්ත

705
0

මේ වනවිට තමන් භාවිතා කරන වාහනය ජීප් රථයක් බවත් එය ඉන්ධන ලීටරයකට කිලෝ මීටර් 9ක් ධාවනය කළ හැකි බවත් බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

පෞද්ගලික නාලිකාවක දේශපාලන වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

තමන් අමාත්‍යාංශයට පැමිණීමට පෙර එහි වාහන 23ක් තිබුන බවත් කාර්ය මණ්ඩලයේ නිලධාරීන් එම වාහන භාවිතා කරන නමුත් එහි V8 වර්ගයේ සුඛෝපභෝගී රථ 03ක් අමාත්‍යවරයාගේ භාවිතයට තිබුන බවත් ඒවා ධාවනය කළ හැක්කේ ඉන්ධන ලීටරයකට කිලෝ මීටර 4ක් පමණක් බවත් අමාත්‍යවරයා කියා සිටියා.

එම V8 රථ තමන් භාවිතා නොකරන බවත් ඒවා ධාවනය කළ හැක්කේ ඉන්ධන ලීටරයකට කිලෝ මීටර 4ක් පමණක් බැවින් එය බර වැඩි බවත් එමනිසා තමන් ලීටරයකට කිලෝමීටර 9ක් ධාවනය කළ හැකි රථයක් භාවිත කරන බව අමාත්‍යවරයා කියා සිටියා.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ දිනවල භාවිතා කරමින් සිටින්නේ ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි වර්ගයේ ජීප් රථයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම ගමගේ මහතා සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණි විගස ගාලු මුවදොර වාහන සංදර්ශනයක් පවත්වමින් සුඛෝපභෝගී වාහන භාවිතා නොකරන බව පැවසූ ඔවුන් අද මෙම මෙම සැප පහසු වාහන පාවිච්චි කරමින් සිටින බවද ඔහු කියා සිටියේය.

Previous articleIMF සමඟ තිබුන එකඟතාවන් අපේ ආණ්ඩුව වෙනස් කළා – ඒ නිසා ආර්ථිකය ස්ථාවර වෙමින් පවතිනවා – මාලිමා මන්ත්‍රී චන්දන
Next articleමහින්දට ඩ්‍රෝන ප්‍රහාර අවධානමක් නෑ – නියෝජ්‍ය ඇමති කියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here