Home අද ත්‍රිකුණාමලයෙන් හමුවූ ඩ්‍රෝන යානාව අයිති ඉන්දියාවට.! – මෙන්න සියලු තොරතුරු (VIDEO)

ත්‍රිකුණාමලයෙන් හමුවූ ඩ්‍රෝන යානාව අයිති ඉන්දියාවට.! – මෙන්න සියලු තොරතුරු (VIDEO)

628
0

ගොඩබිම සිට මුහුදු සැතපුම් 35ක පමණ දුරක ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ කුඩා ගුවන් යානයක් ධීවරයන් පිරිසකට හමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පවසා සිටියේ, මෙය ටාගට් ඩ්‍රෝන් වර්ගයේ යානයක් බවයි.

මෙවැනි වර්ගයේ යානයක් මීට පෙර 2020 වසරේදී හමු වූ බවත් හෙතෙම පැවසීය.

කිලෝ 40ක් පමණ බරකින් යුත් මෙවැනි යානා ඉන්දියානු ගුවන් හමුදාව පුහුණු සැසිවල ඉලක්ක ලෙස භාවිත කරන බව එවර සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෙම Drone යානය ඉන්දියාවේ ANA Drone සමාගමට අයත් Shikra වර්ගයේ ඩ්‍රෝන් යානයක් බව තොරතුරු වාර්තා වේ.

කෙසේ නමුත් මෙවර සොයාගත් ගුවන් යානය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට විශේෂ කණ්ඩායමකක් පත්කර තිබේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකරයා පවසා සිටියේ, මෙම යානය හානි දායක නොවන බවත්, පුපුරණ ද්‍රව්‍ය කිසිවක් හමු වී නොමැති බවත්ය.

Previous articleමාලිමා මන්ත්‍රීවරු සුනාමියට ගහගෙන ආව පොල්ලෙලි වගේ – හැමෝම පැලවත්ත NPP සමාගමේ සේවකයන් – රෝහණ බණ්ඩාර
Next articleහිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here