ඉතිහාසයේ නත්තල් සමයකදී බිත්තරයක අඩුම මිල තම ආණ්ඩුව යටතේ ලබා දී ඇති බවත් රිලා ගැටලුවට විසදුම් ලබාදිමේ නියමු ව්‍යාපෘතිය මේ වන විට ආරම්භ කර ඇති බවත් තුෂාරි ජයසිංහ මහත්මිය පවසයි.
ජාතික ජනබලවේගයේ නාවලපිටිය ආසනයේ මහජන සම්බන්ධීකරණ කාර්යාලය (25) දින මහනුවර දිස්ත්‍රික් පා.ම තුෂාරි ජයසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ අතර එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මේ බව කියා සිටියා.
නාවලපිටිය ගම්පොල මාර්ගයේ නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලක නව සම්බන්ධිකරණ කාර්යාලය ස්ථානපය කර ඇත.
සෑම මසකම දෙවන හා හතරවන සිකුරාදා දිනයන්හි මෙම කාර්යාලයෙන් ජනතා ගැටලු සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්නා බව තුෂාරි ජයසිංහ මහත්මිය පැවසීය.