Home අද මහින්දට ඩ්‍රෝන ප්‍රහාර අවධානමක් නෑ – නියෝජ්‍ය ඇමති කියයි !

මහින්දට ඩ්‍රෝන ප්‍රහාර අවධානමක් නෑ – නියෝජ්‍ය ඇමති කියයි !

48
0

රාජ්‍ය බුද්ධි තොරතුරු අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පවසයි.

අදාළ ආරක්ෂක තත්ත්වය තුළ අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට හැකියාව පවතින බවද ඔහු සඳහන් කළේය.

මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මේ බව පවසා සිටියේ විද්‍යුත් නාලිකාවක් සමඟ අද (26) සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමිනි.

එහිදී ඔහු මෙසේද පැවසීය.

“මනෝජ් ගමගේ මහතා කියලා තිබුණා ඩ්‍රෝන ප්‍රහාරයකුත් තියෙනවා කියලා. දැන් පොලිස්පති සූදානම් ඔහුගෙන් ප්‍රශ්න කරන්න. ඩ්‍රෝන ප්‍රහාරයක් ආවත් මහින්ද මහත්තයා වටේ ඉන්න පිරිසත් මදි වෙනවා ඩ්‍රෝන ප්‍රහාරයට මුහුණ දෙන්න. ඒ තියෙන T56 හරියන්නේ නැහැ ඩ්‍රෝන ප්‍රහාරයට. ඒ නිසා මනෝජ් ගමගේලා යමක් කියනකොට සැලකිල්ලෙන් කියන්න. මෙයින් සමස්ත සමාජයක් තමයි නොමග යන්නේ.”

“අපේ බුද්ධි අංශ ඇතුළේ ඩ්‍රෝන ප්‍රහාරයක් නැහැ. එයා කියන්න ඕනේ කොහෙන්ද එන්නේ කියලා. යම් තක්සේරුවක් ඇතුළේ තමයි තීරණ ගන්නේ. එසේ නොවේ යැයි කියනවා නම් අපි නැවත සලකා බලන්නම්. මම මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති වෙලත් මමත් දැන් තනියම ආවේ.”

Previous articleමම පාවිච්චි කරන වාහනේ පෙට්‍රල් ලීටරේට කිලෝ මීටර් 9ක් දුවනවා – ඇමති වසන්ත
Next articleමාලිමා මන්ත්‍රීවරු සුනාමියට ගහගෙන ආව පොල්ලෙලි වගේ – හැමෝම පැලවත්ත NPP සමාගමේ සේවකයන් – රෝහණ බණ්ඩාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here