ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පසුගිය රජය එකඟව තිබූ කොන්දේසි වල යම් වෙනස් කිරීම් වත්මන් පාලනය විසින් සිදු කරන ලද බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන් පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චි සඳහන් පවසයි .
එහිදී ජනතාවට හිතකර ආකාරයෙන් එන එකඟතාවයන් සකස් කර ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි .
ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චි මේ බව සඳහන් කර සිටියේ අද (26) කොළඹදී මාධ්‍යට අදහස් දක්වමිනි .
වත්මන් ආණ්ඩුවේ එම කටයුතු හේතුවෙන් අද වන විට ආර්ථිකය යම් ප්‍රමාණයකට ස්ථාවරය වෙමින් ඇති බවද ඔහු පැවසුවේය.
කෙසේ වෙතත් මූල්‍ය වෙළඳපොළ විශ්ලේෂකයන් පවසන්නේ පසුගිය ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් එකඟතාව සහ වැඩපිළිවෙළ කිසිදු වෙනසකින් තොරව වත්මන් පාලනය ගෙන යන බවයි. ආණ්ඩු වෙනස්වූ පමණින් ආර්ථික වැඩපිළිවෙළ වෙනස් නොකිරීම වත්මන් සාර්ථකත්වය ට හේතුව බව පසුගියදා මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන අවධාරණය කළ බවද ඔවුන් සිහිපත් කරයි.