අගමැති හරිනි අමරසූරිය ද වගඋත්තරකරුවකු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන විසින් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
ඒ, ඔහුව මෑතකදී එම තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින්ය.
මහාචාර්ය සුජීව අමරසේන වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් විසින් ඊයේ මෙම පෙත්සම ගොනුකර ඇති බවත්, තමා සේවයෙන් පහකිරීම දේශපාලනික අවශ්‍යතාවක් මත සිදුවූවක් බව එහිදී පෙන්වාදී ඇති බවත් වාර්තා වෙයි.
එසේම සුජීව අමරසේන වෙනුවට, රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය සඳහා නිසි බලධාරියෙකු පත්කිරීමේදී ක්‍රියාපටිපාටික අක්‍රමිකතා සිදු වූ බවටත් එහිදී චෝදනා නඟා තිබේ.
වැඩිදුරටත් පෙත්සම්කාර පාර්ශ්වය පෙත්සමින් තර්ක කරන්නේ, මෙම ඉවත්කිරීම මෑත කාලීන ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු සිදුවූ දේශපාලන පළිගැනීමේ ක්‍රියාවක් බවයි.
නවකවධය සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් මහාචාර්ය අමරසේන පෙත්සමේ සඳහන් කර ඇත්තේ, විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විනිවිදභාවය සහ කුසලතා ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ප්‍රධාන ප්‍රතිසංස්කරණ තමා ක්‍රියාත්මක කළ බවයි.
අධ්‍යාපන අමාත්‍ය ලෙස අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ට අමතරව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ද මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් කර තිබේ.