Home අද හබරණ මාර්ගයේ ගිනිගත් කැබ් රථයක පිළිස්සුන පුද්ගල මළ සිරුරක්

හබරණ මාර්ගයේ ගිනිගත් කැබ් රථයක පිළිස්සුන පුද්ගල මළ සිරුරක්

21
0

පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ හතේ කණුව සහ බටු ඔය අතර ගිනිගත් කැබ් රථයක තිබී පිළිස්සුන පුද්ගල මළ සිරුරක් ඊයේ රාත්‍රියේ පොලිසිය විසින් සොයාගෙන ඇත.

මින්නේරිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පොලිසිය එම ස්ථානයට පැමිණෙන විටත් කැප් රථය ගිනිගනිමින් සිට ඇති අතර පොලිසිය සහ පොළොන්නරුව මහ නගර සභාවේ ගිනි නිවීමේ අංශයේ නිලධාරීන් එක්ව ගින්න නිවා දමා තිබේ.

අනතුරුව පොලිසිය විසින් සිදුකරන ලද පරීක්ෂණයේදී කැබ්රථයේ පිටුපස අසුනේ තිබී පිළිස්සුන පුද්ගල මළ සිරුරක් සොයාගෙන ඇත.

මියගිය පුද්ගලයා හඳුනා ගැනීමට නොහැකි වුවද කැප් රථය කොළඹ ප්‍රදේශයේ පුද්ගලයකුගේ නමින් ලියාපදිංචි කළ එකක් බව අනාවරණය කරගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

පුද්ගලයෙකු ඝාතනය කර කැබ්රථය තුළට දමා ඔහු රැගෙන විත් කැබ්රථයට ගිනි තබා ඇති බවට මෙතෙක් සිදුකළ පරීක්ෂණ කටයුතුවලින් අනාවරණය වී ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

පිළිස්සී මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය සහ කැබ්රත්ය ගිනිගැනීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් අද (26 )වැනිදා සිදු කිරීමට නියමිතය.

(මින්නේරිය අතුල ගමගේ)

Previous article20 වසරක් ගතවන සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස සිහිකර නිහඬතාවයක්
Next articleඑක්සත් ජනපදයේ ජාතික පක්ෂියාට නිල තත්වයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here