Home අද ගැසට්ටුව එන තෙක් සහල් ආනයනය කරන්න බෑ – වෙළඳපොළට එවන්නත් බෑ

ගැසට්ටුව එන තෙක් සහල් ආනයනය කරන්න බෑ – වෙළඳපොළට එවන්නත් බෑ

48
0

සහල් ආනයනය කිරීම සඳහා පනවා තිබූ කාලය රජය දීර්ඝ කළ ද ඊට අදාළ ගැසට් පත්‍රය තවමත් නිකුත් නොකිරීම නිසා ආනයනය කරනු ලබන සහල් වෙළඳපොළට නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උත්ගත වී ඇත.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා රේගුවෙන් විමසූ විට එහි උසස් නිලධාරියකු කියා සිටියේ සහල් ආනයනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනතෙක් මෙරටට ආනයනය කරනු ලබන සහල් මොනම හේතුවක් නිසාවත් නිදහස් කළ නොහැකි බවයි.

සහල් ආනයනය කිරීම සඳහා පුද්ගලික අංශයට ලබා දී තිබූ කාලය පසුගිය 20 වැනිදාගෙන් අවසන් විය. ඒ අනුව එම කාලය දීර්ඝ කිරීමට රජය තීරණය කළ ද ඊට අදාල ගැසට් පත්‍රය මේ වෙන තෙක් නිකුත් නොකිරීම නිසා සහල් ආනයනකරුවෝ දැඩි දුෂ්කරතාවන්ට මුහුණපා සිටිති.

සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබාදෙන ගැසට් පත්‍රය නිකුත් කිරීම අද (23) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ඇති බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙක් අප කළ විමසමකට පිළිතුරු දෙමින් පැවසීය.

මේ අතර රජය නියම කළ පාලන මිලට සහල් ලබා ගැනීම සඳහා වෙළඳසැල් වෙත පැමිණෙන පාරිභෝගිකයින්ට පාලන මිලට සහල් නොමැති වීම නිසා ඔවුන්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව ඇත.

Previous articleමැතිවරණ පනත සංශෝධනය කිරීමට නොහැකි තත්වයක් !
Next articleපක්ෂයේ අනුමැතිය නැතුව එන්න බෑ – සොරකම් කල වත්කම් නැවත අයකර ගැනීම ගැන සම්මුඛ සාකච්ඡාවක් ඉල්ලු මාධ්‍යවේදිනියට අධිකරණ ඇමති කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here