Home අද ජනාධිපති අරමුදලෙන් මුදල් ගත් මාලිමාවුන් හෙළි කරනවා – දයාසිරි

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත් මාලිමාවුන් හෙළි කරනවා – දයාසිරි

83
0

ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගත් බවට අද චෝදනා නඟන ආණ්ඩුවේ අය ද 2004 – 2010 කාල වකවානුවේදී එම අරමුදලෙන් මුදල් ලබාගෙන තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා අනාවරණය කළේය.

චෝදනා නගන අය මෙන්ම ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ අසනීප වලට පවා ජනාධිපති අරමුදලේ මුදල් ලබාගෙන තිබෙන බව අනාවරණය කරන ඒ මහතා එම නම් ගම් සියල්ල ඉදිරි පාර්ලිමේන්තු වාරයේදී හෙළි කරන බව පැවසීය.

පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ බව හෙළිකළ දයාසිරි ජයසේකර මහතා 2019 වසරේ තමන්ට හෘදයාබාධයක් ඇතිවූ අවස්ථාවේදී තමන්ව බැලීමට රෝහලට පැමිණි හිටපු ජනාධිපතිවරයා ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබාදීමට කටයුතු කළ බව සිහිපත් කළේය.

ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 100- 200 ලබා ගැනීම වැරදි ක්‍රියාවක් බවත් යම් මන්ත්‍රීවරයෙකුගේ අසනීපයකට එම අරමුදලෙන් මුදල් ලබා ගැනීම ප්‍රශ්නයක් නොවූවත් එලෙස මුදල් ලබාගත් අය සුදනන් සේ අනුන්ට ඇඟිල්ල දිගු කිරීම වැරදි ක්‍රියාවක් බව පෙන්වා දුන්නේය.

අද චෝදනා කරන අය 2004 පාර්ලිමේන්තුවේ සිටියදී ජනාධිපති මුදලේ මුදල් ලබාගෙන තිබෙන බවත් එය සනාථ කිරීම සඳහා අවශ්‍ය සියලු තොරතුරු තමන් සතුව තිබෙන බව ජයසේකර මහතා අනාවරණය කළේය.
සුද්දවන්තයන් ලෙස රට හමුවේ පෙනී සිටීමට උත්සාහ කරන මේ ආණ්ඩුවේ ඇතැම් අය ජනාධිපති අරමුදලෙන් පමණක් නොව රජයේ අනෙකුත් වරප්‍රසාද භුක්ති විඳින ආකාරය ඉදිරියේදී ජනතාවට බලාගැනීමට හැකි වනු ඇති බව ඒ මහතා සඳහන් කලේය.

නිල නිවාස ලබා නොගන්නා බවට ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළ මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු නිල නිවාස ලබා ගැනීමට අද පෝලිමේ සිටින බව පෙන්වා දෙන ඒ මහතා රජයේ වාහන, ආරක්ෂාව අවශ්‍ය නොවන බව ප්‍රකාශ කලත් ඒ සියලු දෙනා අද එම වරප්‍රසාද භුක්ති විදින බව වැඩිදුරටත් අනාවරණය කලේය.

Previous articleයුක්‍රේනයට පුටින්ගෙන් රතු එළියක් !
Next articleජනපතිට පනත් සම්පාදනය ගැනත් අවබෝධයක් නෑ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here