අධිකරණ අමාත්‍යවරයාගෙන් සම්මුඛ සාකච්ඡාවක් ඉල්ලා සිටි විට පක්ෂයෙන් ඒ සඳහා අවශ්‍ය බව ඔහු අමාත්‍යවරයා පැවසුවේ යැයි මාධ්‍යවේදිනි කිෂානි අලංකි පෙරේරා පවසයි.
සමාජ මාධ්‍ය ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය මෙය කියා සිටිනවා.
සොරකම් කල වත්කම් නැවත අයකර ගැනීම, යුක්තිය සහ වගවීම යන තේමාවෙන් තමන් සාකච්ඡාව පවත්වන බවද ඔහුට දන්වා සිටි බවත් ඇය එහි සඳහන් කර තිබේ.
අමාත්‍යවරයා මැතිවරණයට පෙර දෙවතාවක් තමන් සමඟ සම්මුඛ සාකච්ඡාවට පැමිණ ඇති බවද පවසන ඇය ජාතික ජන බලවේගයේ නව ස්ථාවරය මෙයදැයි ප්‍රශ්න කර සිටිනවා.