Home අද මැතිවරණ පනත සංශෝධනය කිරීමට නොහැකි තත්වයක් !

මැතිවරණ පනත සංශෝධනය කිරීමට නොහැකි තත්වයක් !

66
0

පළාත් පාලන මැතිවරණ පනත තවමත් සංශෝධනය නොකිරීම නිසා මැතිවරණය පැවැත්වෙන දින වකවානු ප්‍රකාශයට පත්කිරීමට නොහැකිව මැතිවරණ කොමිෂන් සභාව අර්බුදයකට මුහුණ පා ඇත.

මේ වසර අවසන් වනතෙක් මැතිවරණ පනත සංශෝධනය කිරීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

කෙසේ වෙතත් නොපමාව මැතිවරණ පනත සංශෝධනය කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

පළාත් පාලන මැතිවරණය සඳහා දැනට කැඳවා තිබෙන නාම යෝජනා අහෝසි කර අළුතින් නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.

පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයින් අසූ දහසක් පමණක් තරඟකිරීමට නියමිත අතර ඔවුන් සියලු දෙනාගෙන් ආදායම් වාර්තා ලබා ගැනීම පිළිබඳව ප්‍රායෝගික ගැටලුවකට මැතිවරණ කොමිෂන් සභාව මුහුණ දී සිටි.

Previous articleඕන වැඩ්ඩෙකුට අවස්ථාව දෙන්න අනුර සූදානම් :උදයංග වීරතුංගට දුන්න අවස්ථාව මෙන්න
Next articleගැසට්ටුව එන තෙක් සහල් ආනයනය කරන්න බෑ – වෙළඳපොළට එවන්නත් බෑ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here