ලුණු හිගයක් ඇති වූයේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රශ්නයක් නිසා නොවන බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ පවසයි .
එය ආණ්ඩුව විසින් ඇති කරන ලද ප්‍රශ්නයක් නොවන බවත් ලුණු ප්‍රශ්නය ඇති වූයේ දේශගුණික තත්ත්වය නිසා බවත් ඔහු පෙන්වා දෙයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ලුණු හිගය හා ආනයනය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඊට ප්‍රතිකාර දක්වමිනි.
ඒ අනුව තාවකාලිකව ඇති වූ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ලුණු ආනයනය කිරීමට කටයුතු කරන බව ඔහු පෙන්වාදෙයි.