ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වත්මන් සභාපති විසින් වැටුප දෙගුණ කරගෙන ඇති බවට පලවන වාර්තා සාවද්‍ය බව සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්.එස්. රාජකරුණා මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සදහන් කර ඇත.
අදාල පුවත සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත් එකී නිවේදනයේ දැක්වෙයි.