Home අද එට්කා ගැන, තෙල් නළ ගේන්න ගිවිසුම් ගැහුවේ නෑ. සාකච්ඡා කරන්න එකඟ වුනා...

එට්කා ගැන, තෙල් නළ ගේන්න ගිවිසුම් ගැහුවේ නෑ. සාකච්ඡා කරන්න එකඟ වුනා විතරයි – ඇමති විජිත

143
0

එට්කා ගිවිසුම ගැන, ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරන තෙල් නළයක් ඇති කිරීමට ගිවිසුම්ගත වීමක් ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අතරතුර සිදු නොවූ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඉන්දියාව, ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යා කරමින් තෙල් නළයක් ඉදිකිරීමේ සාකච්ඡාවක් කලක සිට පැවැති බවත් එම සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන යාමට පමණක් එකඟතාවයකට පමණක් පැමිණි බවත් ඒ මහතා කියා සිටියේය.

නමුත් කිසිසේත්ම ඒ සඳහා වන අවසන් ගිවිසුමකට මෙම සංචාරයේදී එක් නොවූ බවත් ඔහු සඳහන් කළේය.

එට්කා ගිවිසුම ඉදිරියට සාකච්ඡා කිරීමට එකඟතාවයකට පැමිණි බවත් නමුත් අත්සන් තැබීමක් කිසිසේත්ම සිදු නොවූ බවත් ඒ මහතා පැවසුවේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ ගිවිසුමක් ඇති බවත් එය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවත් එහිදී අවධානය යොමු වුවද ඒ මහතා සදහන් කලේය.

විවිධ කණ්ඩායම් දේශපාලන උවමනා මත බොරු ප්‍රවෘත්ති මවමින් සිටින බවත් ඔහු අද කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සදහන් කලේය.

ETCA ගිවිසුම කඩිනම් කරනවා -මෝදි කියයි : අනුර ඉස්සර නම් විරුද්ධයි ! ඒත් දැන් ?

විදුලි පද්ධති සම්බන්ධ කිරීමටත් තෙල් නළයක් සම්බන්ධ කිරීමත් දෙපාර්ශවය එකඟ වූණා – නරේන්ද්‍ර මෝදි

Previous articleපඩි දෙගුණ කරගත්තේ නැහැ – CEYPETCO සභාපති CID යට
Next articleමාස තුනක වියදම් යෝජනාව පරාජය වෙයි – ආණ්ඩුව වසා දැමීමේ අවධානමක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here