Home අද හිමාලි වරදක් කර නෑ – විජිත !

හිමාලි වරදක් කර නෑ – විජිත !

95
0

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක් ලෙස සේවය කළ හිමාලි අරුණාතිලක සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය ලෙස ඇය අදටත් රට වෙනුවෙන් සේවය කරමින් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය .

විජිත හේරත් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක් ලෙස සේවය කරමින් සිටිය දී මෙරට සේවිකාවකට නිසි ලෙස වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් හිමාලි අරුණතිලක ට එරෙහිව ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේදී ඩොලර් ලක්ෂයකට අධික දඩයක් නියම කෙරුණි.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඇය කිසිදු පෞද්ගලික වංචාවක් සිදුකර නොමැති අතර රාජ්‍ය තාන්ත්‍රික පුද්ගලයින් සඳහා සේවයේ නිරත අයට වැටුප් ගෙවනු ලබන්නේ ලංකා ආණ්ඩුවෙන් බවය.

එනිසා හිමාලි අරුණාතිලක මහත්මිය මුහුණදුන් අපහසුතාවය පිළිබඳ රජයක් ලෙස තමා කනගාටුවන බව ද මෙම ගැටලුව ලංකාවේ වැටුප් තල අඩු මට්ටමේ පැවතීම හේතුවෙන් පැන නැගී ඇති තත්ත්වයක් වන බවත් ඒ සම්බන්ධයෙන් විදෙස් අමාත්‍යාංශය හා රජය ඉදිරියේ දී ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Previous articleමාස තුනක වියදම් යෝජනාව පරාජය වෙයි – ආණ්ඩුව වසා දැමීමේ අවධානමක් !
Next articleSLC හි ඡන්ද බලය හිමි සාමාජිකයන් 147 සිට 60 දක්වා අඩු කරයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here