Home අද පෙර පාසල් දරුවන්ට ලබාදෙන ආහාර දීමනාව ඉහළට!

පෙර පාසල් දරුවන්ට ලබාදෙන ආහාර දීමනාව ඉහළට!

46
0

මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල සහ පෙර පාසල්වල දරුවන් සඳහා ලබා දෙන උදෑසන ආහාරය වෙනුවෙන් එක් දරුවකුට වෙන් කර තිබූ රුපියල් 60 මුදල රුපියල් 100 දක්වා ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, පසුගිය වසරේදී රජය මගින් දරුවන් 147,000කට මෙම උදෑසන අහාරවේල ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවයි. නව රජය මගින් තවත් දරුවන් 7,000කට මෙම ආහාර ලබාදීමට කටයුතු කරන බවත් ඒ අනුව 2025 වර්ෂය තුළ දරුවන් 155,000කට පමණ මෙම ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අද (19) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව ජාතික ලේකම් කාර්යාලය විසින් 2017 වර්ෂයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික මගපෙන්වීම යටතේ ‘අඩු බර සහිත දරුවන් වැඩි ප්‍රතිශතයක් සිටින මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සහ පෙර පාසල් දරුවන්’ සඳහා උදෑසන ආහාරවේල ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

Previous articleඉන්දියාව එක්ක ඩිජිටල් ගිවිසුමක් – ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය
Next articleජනාධිපති අරමුදලෙන් මුදල් දුන්නේ නිසි ක්‍රමවේදයකට සුදුසුකම් ඇති අයට පමණයි – හිටපු ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here