Home අද ලංකාවේ ආයෝජනයට ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ කැමැත්ත (PHOTOS)

ලංකාවේ ආයෝජනයට ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ කැමැත්ත (PHOTOS)

53
0

ඉන්දියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (දෙසැ. 16) නවදිල්ලි නුවරදී ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමග සාකච්ඡාවකට එක්ව තිබේ.

No description available.

No description available.

No description available.

දෙරට අතර ආයෝජන සහ වාණිජ සම්බන්ධතා පුළුල් කිරීමේ අරමුණෙන් ඉන්දියානු කර්මාන්ත සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාවට ඉන්දියාවේ ප්‍රමුඛතම ව්‍යවසායකයන් සහභාගී වී තිබෙන අතර ඩිජිටල් ආර්ථික, සංචාරක, පුනර්ජනනීය බලශක්ති සහ තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍ර පිළිබඳව විශේෂ අවධානය යොමු කොට තිබේ.

එමෙන්ම දෙරට අතර වෙළෙඳ කටයුතු මුල්කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

එහිදී ශ්‍රී ලංකාවේ ආයෝජනවලට ඇති හිතකර පරිසරය පහදා දුන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස ඉන්දීය ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා තිබෙන අතර ශ්‍රී ලංකාවේ අයෝජන අවස්ථා කෙරෙහි යොමු වීමට ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් කැමැත්ත පළකොට තිබේ. එමෙන්ම ඒ සඳහා අවශ්‍ය ආයෝජන පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා රජය එකඟ වී තිබෙන බවද වාර්තා වේ.

Previous articleතවත් මන්ත්‍රීවරු සිව්දෙනෙක් දිවුරති !
Next articleමහ මැතිවරණ අපේක්ෂකයන්ගේ අදායම් වියදම් අද ප්‍රසිද්ධ කෙරේ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here