Home අද දුම්රිය නිවාසයක ජල බිල රු. 05 යි – කෝටි 09 ක් දෙපාර්තමේන්තුව...

දුම්රිය නිවාසයක ජල බිල රු. 05 යි – කෝටි 09 ක් දෙපාර්තමේන්තුව දරයි.

271
0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන, කොතලාවලපුර දුම්රිය නිවාස 546 සඳහා එම නිවාසවල පදිංචි එක් නිලධාරියෙකුගෙන් ජල බිල්පත් වෙනුවෙන් මසකට රුපියල් 5ක මුදලක් පමණක් අය කිරීම හේතුවෙන් ඉකුත් වසර තුන තුළ ජල බිල්පත් ලෙස රුපියල් නවකෝටි, විසිතුන් ලක්ෂ, අනූඅට දහස් පන්සිය තිස්දෙකක (92,398,532) මුදලක් දෙපාර්තමේන්තුව විසින් දරා ඇති බැව් ජාතික විගණන කාර්යාලය විසින් අනාවරණය කර
තිබේ.

එමෙන්ම රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉන්ජිනේරු උප දෙපාර්තමේන්තුවේ කොතලාවලපුර දුම්රිය නිවාස 546 සඳහා ජල බිල්පත් ලෙස වසරකට රුපියල් මිලියන 30කට අධික මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දරනු ලබන බවද විගණන වාර්තාවේ සඳහන් වන අතර මෙම නිවාසවල නිසි පරිදි ජල මීටර් සවිකර වියදම් කළමනාකරණය කළ යුතු බැව් විගණනය මඟින් නිර්දේශ කොට ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුවේ ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ, නිල නිවාස 546න් 509ක් සඳහා නව ජල මීටර් සවිකර Bulk සැපයුම අවසන් කර ඇති බවත් ජල මීටර් සවි නොකළ බව දක්වන දුම්රිය නිවාස 7කට ද ජල මීටර් සවිකොට ඇති බවත් ඉතිරි නිවාස දැනට පදිංචි වී නොමැති නිවාස බවයි.

ජල මීටර් සවිකොට ඇති බැවින් නියමිත පරිදි ජල බිල්පත් අයකිරීම මේ වන විට සිදුකරමින් පවතින බව ද ගණන් දීමේ නිලධාරියා විගණනයට සඳහන් කොට ඇතැයි වාර්තා කර ඇත.

Previous articleඅතේ විනය කැඩුව දයාසිරිගෙන් නිදහසට කරුණු අසයි
Next articleතවත් මන්ත්‍රීවරු සිව්දෙනෙක් දිවුරති !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here