තම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව අසත්‍ය ප්‍රචාර කරන අය පිළිබඳව පරීක්‍ෂණයක් කරන්න ලෙස ඉල්ලා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන අංශයට ඊයේ (16) පැමිණිල්ලක් කර තිබේ.
ඔහු එහිදී පෙන්වා දී ඇත්තේ අදාළ ප්‍රචාරයන් නිසා තම කීර්ති නාමයටත් ආණ්ඩුවටත් දැඩි හානියක් සිදුවන බවය.
තමන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ලබාගත් බව කියන ඉංජිනේරු උපාධි සහතිකය ද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කළේය.
කුමාර ජයකොඩි මහතා ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කල පුද්ගලයකු නොවන බවටත් පසුගිය දින කිහිපයේ සමාජ ජාල ඔස්සේ වාර්තාවන් පලවිය.