Home අද හිටපු ජනපතිවරුන්ගේ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවතට

හිටපු ජනපතිවරුන්ගේ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවතට

94
0

ඉදිරි සතියේ සිට හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාව හැර සියලු ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද(17) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ බව පැවසූ අමාත්‍යවරයා, හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් ඉකුත් මාස එකොළහේදී මහජන මුදලින් රුපියල් මිලියන 1,488 ක වැය බරක් දරා තිබෙන බව ද සඳහන් කර සිටියේය.

දේශපාලකයන්ගේ කටයුතු වලට මහජන මුදල් අසීමිත ලෙස වියදම් කිරීම මහජන අප්‍රසාදයට හේතු වූ බවත්, එහෙයින් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට තම පක්ෂය කටයුතු කළ බවත් පවසන අමත්‍යවරයා, ජනපති හිමිකම් පනත අනුව ප්‍රමාණවත් ආරක්ෂාවක් දෙන ලෙස කියා තිබෙන නමුත් කොපමණ ආරක්ෂාවක් දිය යුතු යැයි එමගින් සඳහන් කර නොමැති බවද පෙන්වා දෙයි.

ආරක්ෂාව ප්‍රමාණවත් නැතැයි කියන්නේ කුමන පදනමක් මතදැයි ප්‍රශ්න කළ අමාත්‍යවරයා, තම ආණ්ඩුව කිසිවිටක මතුපිටින් පෙනෙන දේ පදනම් කරගෙන තීරණ නොගන්නා බවත් හිටපු ජනපතිවරුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් තර්ජන පිළිබඳ සැලකීමට ලක් කොට ආරක්ෂාව දෙන ලෙස චිත්‍රසිරි කමිටුව විසින් දැනුම් දී තිබෙන බවද පවසයි.

මෙය හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීමක් නොව නිසි ඇගයීමකින් පසු අතිරික්ත පිරිස ඉවත් කිරීමක් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන කළ දෙයක් නොවන බවත් පොලිසියේ 60ක් හා ත්‍රිවිධ හමුදාවේ 228ක් මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාදී තිබෙන බවද පෙන්වා දෙයි.

Previous articleවිශ්වාසභංගයෙන් ඕලාෆ් පරාජය වෙයි – ජර්මනිය දැඩි දේශපාලන අස්ථාවරත්වයක !
Next articleජපානයේ ඔනොමිචි සමාගම කොළඹ ඩොක්යාඩ් හැර යයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here