Home අද විශ්වාසභංගයෙන් ඕලාෆ් පරාජය වෙයි – ජර්මනිය දැඩි දේශපාලන අස්ථාවරත්වයක !

විශ්වාසභංගයෙන් ඕලාෆ් පරාජය වෙයි – ජර්මනිය දැඩි දේශපාලන අස්ථාවරත්වයක !

74
0

ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂෝල්ස්ටර් එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංගයෙන් ඔහු පරාජයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඕලාෆ් ෂෝල්ස්ටර් විශ්වාසභංගයෙන් පරාජයට පත්වීමත් සමග ලබන වසරේ පෙබරවාරි මාසයේ අගභාගයේ දී එරට හදිසි මැතිවරණයක් පැවැත්වීමට සිදුවන බව වාර්තා වේ. ජර්මන් චාන්සලර්වරයාට එරෙහිව ඉදිරිපත් වු දෝෂාභියෝගයෙන් ඔහු පරාජයට පත්වනු ඇති බවට අනාවැකි පළ වුව ද පාලක පක්ෂය ප්‍රතිසන්ධාන කිරීමට මෙය හොඳම අවස්ථාව ලෙසයි චාන්සලර්වරයා පෙන්වා දී ඇති බවද වාර්තා වේ.

එරට සභාග රජයට සහාය ලබාදුන් පක්ෂ මීට මාස දෙකක පමණ පෙරදී ඉන් ඉවත් වීමත් සමග ජර්මානු රජය බිඳ වැටීමට ලක්විය.

ජර්මනියේ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ සැප්තැම්බර් මාසයේ දී වන අතර කඩා වැටීමට ලක්ව ඇති එරට ආර්ථිකය හා ගෝලීය අර්බුදය හමුවේ ජර්මනියේ දේශපාලනය දැඩි අස්ථාවරත්වයට මුහුණ දී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Previous articleමහ මැතිවරණ අපේක්ෂකයන්ගේ අදායම් වියදම් අද ප්‍රසිද්ධ කෙරේ !
Next articleහිටපු ජනපතිවරුන්ගේ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවතට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here