Home අද අතේ විනය කැඩුව දයාසිරිගෙන් නිදහසට කරුණු අසයි

අතේ විනය කැඩුව දයාසිරිගෙන් නිදහසට කරුණු අසයි

42
0

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුව හමුවට කැඳවා ඇත.

පක්ෂයේ විනය කඩ කරමින් දයාසිරි ජයසේකර මහතා පසුගිය කාලයේදී කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහුව විනය කමිටුව හමුවට කැඳවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාමූහිකව ගනු ලැබූ තීන්දු විවේචනයට ලක් කරමින් ඒවාට පටහැනි ලෙස කටයුතු කිරීම ඇතුළු චෝදනා ගණනාවක්ද දයාසිරි ජයසේකර මහතාට එල්ල වී තිබෙන බව දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Previous articleමහජන උපයෝගීතා කොමිසම විදුලි ගාස්තු අඩුකරන්න කියද්දී ලංවිම බෑම කියයි
Next articleදුම්රිය නිවාසයක ජල බිල රු. 05 යි – කෝටි 09 ක් දෙපාර්තමේන්තුව දරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here