Home අද නායකත්වය ගැන කළකිරෙයි – ජගත් සජබෙන් ඉවත්වෙයි.

නායකත්වය ගැන කළකිරෙයි – ජගත් සජබෙන් ඉවත්වෙයි.

86
0

පසුගිය ජනාධිපතිවරණයේදී සමඟි ජනබලවේගයට සහයෝගය දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරකුව සිටී ජගත් කුමාර මහතා සමඟි ජනවේගයෙන් ඉවත් වන බව නිලවශයෙන් අද (16) නිවේදනය කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ, සමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එම පක්‍ෂයේ සිදුවන ඇතැම් අසාධරණයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ එම පක්‍ෂයට මෑතකදී එකතු වූ පිරිස්වලට සාධාරණය ඉටු නොකිරීම යන හේතූන් මුලික කරගෙන එම පක්‍ෂයෙන් ඉවත් වන බවත් ඉදිරියේදී ස්වාධීනව කටයුතු කරන බවයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් පසුගිය මහ මැතිවරණයට තමන් තරග කිරීම නිසා සමඟි ජනබලවේගයට ආසන හතරක් හිමිවූ බවත් එසේ නොවුණේ නම් එම පක්‍ෂයට ආසන තුනක් පමණක් හිමිවන බවත් ඒ මහතා සමඟි ජනබලවේගයේ ඇතැම් සංවිධායකයන්ගේ මහ මැතිවරණය අතරතුරදී ඇතිවූ බලපෑම් හේතුවෙන් තරග කිරීමෙන් ඉවත්වීමට සූදානම් වුවද එය නොකළේ ප්‍රේමදාස මහතා දුන් පොරොන්දු හේතුවෙන් බව ද සඳහන් කර සිටියේය.

ඡන්දය අවසන් වී මාසයක් ගතවුවද ප්‍රේමදාස මහතා තමන්ට දුරකථන ඇමතුමක් හෝ නොදුන් බව ද ජගත් කුමාර මහතා පවසයි.

Previous articleජනාධිපති අනුර දිසානායක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුව – ගත්ත තීරණ මෙන්න
Next articleරටවල් 17 ක් අභිබවමින් ශ්‍රී ලංකාවට ආසියානූ පැසිපික් ජාත්‍යන්තර රීදී සම්මානය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here