Home අද ගෑනු රිලවියන්ට අක්කර 25යි. පිරිමි රිලවුන්ට අක්කර 25යි. පොඩි ගතියක් නැද්ද ඒ...

ගෑනු රිලවියන්ට අක්කර 25යි. පිරිමි රිලවුන්ට අක්කර 25යි. පොඩි ගතියක් නැද්ද ඒ යෝජනාවේ? – ඇමති සමන්ත

213
0

රිලවුන් පැටවුන් ගසා වැඩිවුණේ ජාතික ජන බලවේගය ආණ්ඩුව පැමිණීමෙන් පසුවද? බව මේ වනවිට රටේ ගැටළුවක් බවට පත්ව ඇති රිලා ගැටළුව සම්බන්ධයෙන් චෝදනා කරන අයගෙන් අසන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.

රට පුරා වගාවන් විනාශ කරන රිලා ගැටළුවට විසඳුමක් ලෙස රිලා හිර ගෙදරක් සෑදීමට තමන්ට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

තම අමාත්‍යංශයට පැමිණි දෙදෙනෙකු විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ බව හෙතෙම ජන හමුවක් අමතමින් කියා සිටියේය.

“ළඟදි මගේ අමාත්‍යංශෙට ආව වැදගත් මහත්වරු දෙන්නෙක්. ඇවිල්ලා කීවා ඔබතුමන්ලා හොයන ප්‍රශ්නෙට අපි ගාව විසඳුම් තියෙනවා. මම කීවා බොහො සන්තෝෂයි, කියන්නකෝ විසඳුම කියලා.

අක්කර පනහක විතර හොඳ කැලෑ තියෙන තැන් තෝරගන්න කීවා. තෝරගෙන හදන්න කීවා රිලා හිරගෙදරක්. ඒක හරි මැදින් බෙදන්න කීවා අක්කර විසිපහ, විසිපහ. එක කොටුවට ගෑණු සත්තු. අනිකට පිරිමි සත්තු. අවුරුද්දක් හමාරක් යද්දි බෝ වෙන එක අඩුවෙයි කිව්වා. පොඩි ගතියක් නැද්ද ඒ යෝජනාවේ.”

 

Previous articleමාලිමා මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරික්ෂා කිරීමට තේරිම්කාරක සභාවක් ඉල්ලමින් යෝජනාවක්
Next articleඕස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍ය මහකොමසාරිස් අරුණිට : ඩොලර් ලක්ෂයකට අධික දඩයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here