Home අද සහල් තොග සැඟවූ සහ පාලන මිලට වැඩියෙන් විකුණූ වෙළෙඳුන්ට නඩු

සහල් තොග සැඟවූ සහ පාලන මිලට වැඩියෙන් විකුණූ වෙළෙඳුන්ට නඩු

46
0

පසුගිය දින 03 ඇතුළත පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කළ සහ සහල් තොග සඟවා සිටි පුද්ගලයන් 201 ක් දෙනෙකුට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අධිකරණයේ නඩු පවරා ඇත.

පාරිභෝගික අධිකාරයේ නිලධාරීන් පසුගිය දින කිහිපය පුරා රටේ විවිධ ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී මෙම පුද්ගලයන් නීතියේ රැහැනට හසු කරගෙන තිබේ.

සහල් අලෙවිය සඳහා රජය විසින් පනවා ඇති පාලන මිල අභිබවා යමින් කිසිදු පාර්ශ්වයකට සහල් අලෙවි කිරීමට හැකියාවක් නැති බව පවසන පාරිභෝගික අධිකාරිය එලෙස වැඩි මිලට සහල් අලෙවි කරන වෙළදුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා රටපුරා විමර්ශන මේ වන විට දියත් කර තිබෙන බව අනාවරණය කළේය.

රජය විසින් සහල් අලෙවි කිරීම සඳහා පනවා තිබෙන පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි බවත් ඒ නිසාම වෙළෙඳුන් විශාල පිරිසක් මේ වන ඉන් ඈත්ව සිටින බව වෙළඳ සංගම් පවසයි.

Previous articleහර්ෂණ ඇමතිට ආචාර්ය දැම්මට සොරි කියා නිවේදනයක් !
Next articleකථානායකට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here