ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කළ බව කියන වත්මන් කතානායක අශෝක රන්වල මහතාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (13) අත්සන් තැබූහ.
කතානායකවරයා පාර්ලිමේන්තු මැතිවරණයට පෙරත් ඉන් අනතුරුව සහ කතානායක ධූරය ලබාගැනීමෙන් පසුවත්
ඔහුට නොමැති මොරටුව විශ්ව විද්‍යාලයෙන් ලබා ගත් රසායනික ඉංජිනේරු විද්‍යාව BSc උපාධිය සහ ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයෙන් ලබාගත් උපාධියක් තිබෙන බව පෙන්වමින් බොරු කියා ඇති බවට සමගි ජන බලවේගය චෝදනා කරයි.
තමන්ට නොමැති ආචාර්ය උපාධියක් පිළිබඳව රටට වැරදි චිත්‍රයක් මවා පාමින් ඒ පිළිබඳව තොරතුරු හෙළිවීමෙන් පසු ඊට ප්‍රතිචාර නොදක්වා සත්‍ය වසන් කර ඇති නිසා මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මහ ලේකම් වෙත ලිඛිතව දැනුම් දී ඇත.
සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තු ලේකම්වත යොමු කරන ලද ලිපිය පහත දැක්වේ.