Home අද පාලන මිලට වැඩියෙන් සහල් වික්ක 50කට නඩු

පාලන මිලට වැඩියෙන් සහල් වික්ක 50කට නඩු

62
0

පාලන මිල නොසලකා හරිමින් වැඩිමිලට සහල් අලෙවි කළ වෙළඳුන් පනහකට අධික පිරිසකට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරය පියවර ගෙනන තිබෙනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල ඊයේ (10) දිනයේ සිදුකළ වැටලීම් වලදී මෙම පිරිස නීතියේ රැහැනට හසු කරගත් බව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරියේක් පැවසීය.

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළඳුන් සොයා අද දිනයේද රටපුරා මෙහෙයුම් දියත් කර තිබෙන බව පාරිභෝග කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසීය.

මේ වන විට සහල් සහ වී තොග සඟවාගෙන සිටිනය බවට විවිධ ප්‍රදේශවලින් පැමිණිලි ලැබී තිබෙන බවත් ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් වැටලීම් ආරම්භ කර තිබෙන බවත් අනාවරණය කළ ඒ මහතා එලෙස තොග සඟවා සිටින පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

Previous articleකථානායක ජපානයේ වසේඩා විශ්ව විද්‍යාලයයේ අධ්‍යාපනය ලබා නෑ – විශ්වවිද්‍යාලයෙන් දැනුම් දුන් බව තලතා කියයි
Next articleපුනරුදය වැඩ පෙන්වයි : ජලාශ වාන් දමන විටත් පෞද්ගලික බලාගාර වලින් විදුලිය අරගෙන !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here