අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එම්. කේ. ශිවාජිලිංගම් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කොට තිබේ .
පසුගිය දා උතුරේ මහවිරු සැමරුම් පවත්වමින් කේක් කැපීමේ සිදුවීම හේතුවෙන් රටේ දැඩි අවදානයක් දිනාගත් සිවාජිලිංගම් දෙමළ ජාතික පක්ෂයේ ප්රධාන ලේකම් ධූරය ද දරයි .
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් 2004 වසරේ පාර්ලිමේන්තුවට තේරී පත්වු ඔහු අනතුරුව පැවති කිසිඳු මහ මැතිවරණයකින් ජයගන්න සමත්වූයේ නැත .